මේක වුනේ දැනට අවුරුදු කීපයකට කලින් නෝට්බුක් එකක් සර්විස් කරන්න ගිහින්. මේක හරියට දුවිලි පටන් ගන්න තැන වගේ. ඒ තරමට දුවිලි පිරුන කොම්පියුටරයක්. මම ඉතිං ඔය සර්කිට් බෝඩ් වගේ ස්ථිති විදුලියට සංවේදී කොටස් පොඩි බ්‍රශ් එකකින් බ්‍රශ්කලා.
ඇණ ක්ලිප් එහෙම පැත්තකින් ඇරන් තියලා ප්ලාස්ටික් කවරය හා කීබෝඩ් එක පිරිසිදු කරන්න වැකියුම් ක්ලීනර් එක ගත්තා. මොකද ආයෙ ඇණ එහෙම එහෙ මෙහෙ වුනොත් අයෙ ඇණ ගෙන්න කොම්පැනියටම යන්නයැ. ඊටත් මේ නෝට් බුක් එකේ කාලේ හැටියට නම් මියුසියම් එකෙන් තමා ඇණ ගේන්න වෙන්නේ. ඒ නිසයි වැඩේ ඇණ ගන්නේ නැතිව ඇණ ටික කලින්ම ප්ලාස්ටික් කෝප්පයක දාල පරිස්සමින් ඇරන් තිබ්බෙ.
ඔය පහලින් තියෙන්නෙ අපේ සද්දන්ත වැකියුම් ක්ලීනර් රාජයා. මේක අපි ඔය පොඩි පොඩ් වැඩවලට ගත්තට බිම කාපට් එක ක්ලීන් කරන්න ගත්ත වෙට් ඇන්ඩ් ඩ්‍රයි ලීටර් 15 ක විතර එකක්.
ඔක්කොම ක්ලීන් කරල ඉවර වෙලා කොම්පියුටර් එක රිඇසෙම්බල් කර කී බෝඩ් එක ෆික්ස් කරන්න බලනකොට තමා දැක්කේ කීස් කීපයක්ම නැති බව. දැන් ඉතින් මං හොඳටම දන්නවා කවුද මේවා ගිලපු බහිරවයා කියලා.
මොනව කරන්නද ? සිංගප්පූරුවේ මියුසියම් එකට යන්න දුර වැඩි හින්දා මම වැකියුම් ක්ලීනරේ ඩස්ට් බෑග් එක ගලවලා ඔපරේශන් ලොස්ට් කී එක පටන් ගත්තා. බඩු ටික නම් හම්බවුනා. ඒවුනාට මම ඒවෙනකොට දූවිලි වලින් බාගෙට නාල හිටියේ. ඉතිං ඉතුරුටික වතුරෙන් නාල ගෙදර ගියා.
මම මේකෙන් කියන්න ගියේ වැඩක් කරනවනම් ප්‍රොපර් ටූල්ස් ම පාවිච්චි කරන්න. නැත්නම් ඉතින් මේක තමා වෙන්නේ.
ප/ලි
ඔන්න මම එක ඉංගිරිසි අකුරක්වත් නැතිව පෝස්ට් එකක් දැම්මෝ...