Wednesday, December 14, 2011

ටෙස්ට්

ටෙස්ට්
හී හී
ලින්ක් එකකි
තද අකුරු
ලොකු අකරු

Thursday, June 16, 2011

ටෙස්ට්



මෙච්චර දවස් පොඩ්ඩි එක්ක හිටපු චූටි කුමාරියෝ දෙන්නා යන්ට ගියා. එයා ගියාම තමා පොඩ්ඩිට දැනුනේ එයා මේ ලෝකේ කොච්චර තනිවෙලාද කියන එක. පොඩ්ඩිට අර දෙන්නා හිටපු කාමරවලට යන්ට හිතෙන්නෙත් නෑ. හැම තැනම හරි පාලුයි. ඒ වගේම එයා තනියම නේද කියලා හිතටත් දුකයි.

 පරන යාලුවෝ හැමෝටමත් එයා අමතක වෙලා. මේල් නෑ. එස්.එම්.එස්. නෑ. කෝල් කරන්නේ නෑ. හරිම නරක යාලුවෝ තමා පොඩ්ඩිට ඉන්නේ.

පහුගිය සතිය නම් ගෙවිලා ගියා දැනුනෙම නෑ. චූටි කුමාරිලා මොනවද කරන්නේ, එයාලා කොහෙද ඉන්නේ කියන එක වැඩක් නෑ. ඒ ගැන ලීවොත් ඉතින් නයි අරින කතාව අහගන්ට වෙන හන්දා. ඒත් ඒ දෙන්නට නම් දෙකක් දෙන්ට එපැයි. එක්කෙනෙක් එයා හරියට ප්‍රියංකා චොප්‍රා වගේ කියලා හිතාන ඉන්නවා. එයා ඇත්තටම ප්‍රියංකා වගේ. අනෙක් එක්කෙනා හිතාන ඉන්නවා එයා කැට්‍රිනා වගේ කියලා. ඒත් එයා හරියට දීපිකා පදුකෝන් වගේ. දැන් ඉතින් හතර අතේ කල්පනා කරන අයට කියන්ට තියෙන්නේ ඔය පොඩ්ඩි කතා කරන්නේ හින්දි නිලියෝ දෙන්නෙක් ගැන. අපි ඉතින් චුට්ටිලා දෙන්නට'පීසහ 'ඩීකියමු. වැඩේ ලේසී. ප්‍රියංකා සහ දීපිකා.

එයාලගේ ලොකුම ප්‍රශ්නේ තමා පොඩ්ඩිට කවුරු හරි හොයන එක. අත්තම්මා එක්ක කරපු රහස් කුමන්ත්‍රනයක් හන්දද දන්නේ නෑ. ආව වෙලාවේ ඉඳන් බැලුවේ පොඩ්ඩි කාටද ඊමේල් යවන්නේඑස්.එම්.එස් කරන්නේ කෝල් කරන්නේ කියලා. පොඩ්ඩිගේ බ්ලොග් එක මුල සිට අගට සහ අග සිට මුලට කියෙව්වේ රහස් පොලිසියෙන් ඇවිත් වගේ. දැන් ඉතින් වලව්වේ ඉන්න පිරිමි ගැන හොයනවා. මේ එයාලගේ දෙබසක්. හැම දෙනාගේම පහසුව තකා ඉංග්‍රීසි සහ වෙනත් භාෂාවලින් උපුටාගත් කෑලිඅර නරක යැයි අත්තම්මා විසින් තහනම් කරන ලද වචන අතහැරලා තමයි දෙබස දක්වන්නේ.
 
(මුලින්ම කවිකාරගේ පින්තූරයක් දැක )

පී හා ඩී:  ඊඊඊඊඊඊඊඊඊඊඊ................හී හී හී හී හී ...........
පොඩ්ඩි: මේ මොකද මේ හිනාවෙන්නේ?
පී: කවුද මේ ගල් ඉබ්බා?
පොඩ්ඩි: (සිනාසෙමින් ) හැන්ඩියානේඔය ඉන්නේ කවිකාර. වලව්වේ කවි ලියන්නේ ඔයා තමා.
ඩී: මෙයාට කවි ලියන්ටත් පුලුවනිද?
පොඩ්ඩි: අපොයි එයාට හරි ලස්සනට කවි ලියන්ට පුලුවන්.
පී: කවියන්ගෙන් හොඳටම පරිස්සම් වෙන්ට ඕනි. එයාලා එක කවියක් ලියලා ඒක හැම ගෑනු ලමයෙකුටම අරිනවා. හැම එක්කෙනාම හිතන්නේ එයාට තමා කවිය ලියලා තියෙන්නේ කියලා. මාර පොරවල් .
(සමහර වචන භාෂාවේ අලංකාරය රැක ගැනීම සඳහා පොඩ්ඩි විසින් ඇතුලත් කරන ලද බව කරුනාවෙන් සලකන්න. )

නැවත දෙදෙනාම ප්‍රියන්තගේ පින්තූරය දැක: ඊඊඊඊඊඊඊඊඊඊඊ................හී හී හී හී හී ...........
ඩී : මෙයා නම් අහිංසක පාට බුවෙක්...
පී: පාටෙන් කාවවත් මනින්ට බෑ ඩී...මෙයා මොනවද වලව්වේ කරන්නේ?
පොඩ්ඩි: ගමනාගමනය බාරවෙලා තියෙන්නේ එයාට තමා.
ඩී: හී හී ඒ කියන්නේ....එයාට හොඳට ගමන් කරන්ට පුලුවන්ද?
පී: හැබෑට කොහොමද එයා ඇවිදින්නේහැන්ඩි විදියට ඇවිදින්ට ගිහින් වෙන්ටැති අර තේ බීලා වැටිලා ඉන්නේ !!! 

පොඩ්ඩි කතා නොකොරම බිරියාගේ පින්තූරය පෙන්වයි.
දෙදෙනාම:  OMG… මෙයා නම් නලු බට්ටෙක්.
පී: මාර බොඩියක්නේ. මොන ජිම් එකටද දන්නේ නෑ යන්නේ?
ඩී: කොහොමද බැල්ම විතරක්?
පොඩ්ඩි: බකුසු ගතියක් පේනවා නේද?
දෙදෙනා: හූම් හූම්... එයා ඉතින් කරන්නේ 'හූම්, හූම්' ගාන එක විතරද?
පොඩ්ඩි: නෑ නින්ද යන්ට සින්දු කාරියත් කියනවා. එයාගේ බෙනේ පැත්තේ ගියා නම් බලා ගත්තෑකි.
පී: එයා දයාවතීට ලයින් නේ.
ඩී: එයාගේ ලයින් එක හොයන්ට අමාරුයි. හොර බස්සෙක්ද කොහෙද බලමු... බලමු...

පොඩ්ඩි: මෙන්න බූරා වලව්වේ සිකියුරිටි චීෆ්...
දෙදෙනා: හී හී හී මෙයා නම් අර පරන කාලේ හින්දි නලුවෙක් වගේ.
 ඩී: බලන්ටකෝ කැප් තොප්පියේ හැටි. කොටු ෂර්ට් දාලා.
පී: මට මැවිලා පේනවා පරන හින්දි සිංදුවක් කියාගන එන හැටි. ඒත් මම හින්දි සිංදු දන්නේ නෑනේ.  හේ ... එයා පොඩ්ඩක් නොන්ඩි ගහනවනේ.
පොඩ්ඩි: ඔය නටන්ට ගිහින් පොලව ඇදට පෙනිලා කකුල උලුක්කු වෙලා. 
උලුක්කුව තියාගන ක්‍රිකට් ගහන්ටත් ගිහින්.
පී: මේ අර ඇවිදින පුස්තකාලේ නේද?
ඩී: අපොයි එහෙනං ඉතින් එයා පොතක් වගේ ඇති.

පොඩ්ඩි: (සිනාසෙමින්)  කියවලා ඉවර කරන්ට බැරි පොතක්ද දන්නේ නෑ. 

දෙදෙනාම : තව කවුද වලව්වේ ඉන්නේකවුද මේ තරු?
පොඩ්ඩි: මෙන්න පින්තූරේ. එයා බැඳලා. ඔයාලගේ ලිස්ට් එකෙන් අයින් කරන්ට එයාව වහාම
දෙදෙනා: හී හී හී...එයා හොඳයි සිකියුරිටි චීෆ්ට නං. දැක්ක හැටියේ තරු පෙනෙනවා.

(මකරාගේ පින්තූරයක් දැක) මෙන්න ඉන්නවා කියුට් එක්කෙනෙක්. ඒත් එයාව ජිම් යවන්ට වෙයි.
පී: එයා චෙස් ප්ලේ කරනවානේ. මාරයි.
පොඩ්ඩි: මාරයි නම් තමයි. ඒත් එයා ප්ලේ කරන්නේ චූටි නංගිලා මල්ලිලා එක්ක. ඕන නම් ෆේස් බුක් ගිහින් බලන්ටකෝ. 
එයා පොඩ්ඩිට වඩා බාලයි හොඳේ.
දෙදෙනා: කවුද ඔයාගෙන් වයස ගැන ඇහුවේ?

හ්ම්ම්...සඳරූ කියලා කෙනෙක් කමෙන්ට් කරලා තියනවා. එයාගේ පින්තූර නෑ. කැත ඇති ඒකයි පින්තූර දාලා නැත්තේ.
පොඩ්ඩි: ඔන්න එයාට තරහා ගියොත් මම නෑ.
පී: බයවෙන්ට දෙයක් නෑ. මම එයාව කාරෙකක රවුමක් ගෙනියනවා තරහා ගියොත් හී හී...

දෙදෙනා: සුදු පූසා හ්ම්ම්ම් මාර කියුට්. හැබැයි සුදු???? ලංකාවේ සුදු පාට කියන්නේ මේ පාටටද?
පොඩ්ඩි: එයා හරිම අහිංසක එක්කෙනෙක්. කාරෙකක් තියන ගෑනු ලමයෙක් තමා හොයන්නේ.
ඩී: ඉතින් මටත් කාරෙකක් තියනවනේ. මට ඒක එලවන්ටත් පුලුවන්නේ.

පොඩ්ඩි: මේ ඔයා වගේ ගානට වැඩි ගෑනු ලමයින්ට එයා කැමති නෑලු.

දෙදෙනා ම්ම්ම්ම්....කෝ මේ ඩිලන්රිතික් රෝෂන් වගේ කියලා කියන්නේ???
පොඩ්ඩි: එයා ලඟකදි ඉඳන් අතුරුදහන් වෙලා. කවුරු හරි උස්සලාද දන්නේ නෑ.

දෙදෙනා කුටුකුටු ගාති.
දෙදෙනා:  පොඩ්ඩියේ ඔයාගේ වැඩේම ඊමේල් චෙක් කරන එක. ෆෝන් එක දහ පාරක් විතර බලන එක. කවුද ඔයාට ඔය හැටි  SMS  එවන්නේ?
පොඩ්ඩි: අත්තම්මා.
දෙදෙනා: මොන ෆෝන් එකෙන්ද දන්නේ නෑ අත්තම්මා  SMS  කරන්නේ?කෝල් කරලා අහලා බලමු.
පී: එදා පාරත් වරද්ද ගත්තා. තව පොඩ්ඩෙන් පර්ත් ගිහින් තමයි නතර වෙන්නේ.
ඩී: තරහා ගිහින් GPS  (navigational system) ඇන්ටිව පොලවේ ගහන්ටත් හැදුවා. හී...හී...
පොඩ්ඩි: (දුකෙන්) මට ඉතින් කවුද SMS  එවන්නේ?
දෙදෙනා: හා හා අඬන්ට එපා. පස්සේ කවුරු හරි එවන්නේ නැතෑ. ෂිහ් ගති ඇති කොල්ලෙක්  අපට නම් වලව්වේ පෙනුනේ නෑ. අනෙක් බ්ලොග් පැත්තේ පොඩ්ඩක් කැරකිලා බලමුද?
පොඩ්ඩි: අනේ මේ කරුනා කරලා මාව අමාරුවේ නොදා ඉන්නවදකියන තැනකට වඳින්නම්. බැලුවට කමක් නෑ. එකඑක්කෙනාට කතා හදන්ට එහෙම එපා.

චුට්ටිලා වලව්වේ කොල්ලන් ගැන කී කතා මෙතකින් නිමි.




 """""  Whatever our souls are made of, his and mine are the same."   Emily Bronte. 

test2

Tetst

Wednesday, January 5, 2011

අත්හදා බැලීමක්
මේකත් තවත් පරීක්‍ෂාවක් විතරයි...
කමෙන්ට් එපා හො‍ඳේ...

Friday, July 30, 2010

ඩෙංගු මදුරුවා, පරිසරය සහ අපි

හැමතැනම කතාව ඩෙංගු ගැන. මේ අවුරුද්දට මං හිතන්නේ 150 කට වඩා මේ මදුරුවා පතුරන වසංගතයෙන් ජීවිතේ හැර ගිහින්. සූකර උණට ලොකෙම බය වෙච්ච හැටියට මේකට කොහොම බය වෙන්න ඕනද?. අපි බයවෙයි ඔය මදුරුවන්ට. එහෙම හිතිලද කොහේද සමහරු නම් ගණන් ගන්නේවත් නැතුව ඉන්නවා. තව සමහරු රෝගීන් කීපදෙනෙක් මිය ගිය විට කුණු ඉවත් කරනවා, කැලෑ එලි කරනවා, වතුර වලවල් හොයනවා වැඩ කෝටියයි. ටික දවසකින් ඔක්කොම අමතක කර පරණ පුරුදු ට්‍රැක් එකේම යනවා. ඉතින් කොහොමද ඩෙංගු නැති කරන්නේ.
ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වන්න උපදෙස් මේ දවස්වල ඕන තරම් නිසාත්, බ්ලොග් කීපයකම ඒ ගැන සඳහන් කර තිබුන නිසාත් මමත් ආයේ ඕව කියල කියවන කට්ටිය මහන්සි කරන්නේ මොකටද කියල හිතල වෙන පැත්තක් පෙන්වන්න හිතුවා. හැබැයි මේ කියන දේත් ඩෙංගු මර්ධනයට කෙලින්ම සම්බන්ධයි.
පසුගිය මාස කීපයකම මම දැක්ක දෙයක් තමා සති අන්ත වල, නිවාඩු දවස් වල බොහෝ ගෙවල් වල සියලු දෙනා එකතුවී පරිසරය පිරිසිදු කරනවා. ශ්‍රමදාන මගින් පාසල් පන්සල් පල්ලි ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කරනවා. ඒ කියන්නේ අද අපේ රටේ ප්‍රධානම අප ද්‍රව්‍යය වන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු අප ද්‍රව්‍ය පුළුස්සා විනාශ කරනවා. ලඳු කැලෑ එලි පෙහෙලි කර පවිත්‍ර කරනවා. ජලය එක්රැස් වන තැන් විනාශ කරනවා. මේවගේ ක්‍රම රැසක් මදුරු මර්ධනයට අනුගමනය කරනවා.

මම හිතන විධියේ වැරැද්දක්ද එහෙම නැත්නම් මේ ක්‍රම වල වැරැද්ද ද කියන්න ඔබටම පවරමින් මට පෙනුන දේ සහ එහි විපාක ගැන පොඩි සටහනක් තියන්නම්.
ප්ලාස්ටික් හා පොලිතීන් දැවීම පරිසරයට ඉතා අහිතකර බව ඔබ අප කවුරුත් දන්නවනේ. මෙයින් පරිසරයට කොපමණ විශවායු ඇතුළු අහිතකර අංශු ප්‍රමාණයක් අපි එකතු කරනවද බලන්න. ඇයි ඒ ප්ලාස්ටික් හා පොලිතීන් අපට ක්‍රමවත්ව එකතු කර මදුරුවන්ට බිත්තර දාන්න වතුර එකතු නොවන ලෙස ඉවත් කරන්න බැරි. ඒ වගේම මදුරුවන් බෝවන බව කියා සියලු ගස්, පඳුරු, ලඳු කැලෑ විනාශ කරන්නේ. ඒවායේ ජලය එක් වන්නේ නැති ගස් ඉතුරු කරන්න පුළුවන් නේද?. ජලය රැ‍‍‍ඳෙන ගස් බෙන ආදිය සිමෙන්ති වැනි යම් බදාමයකින් වසා දමන්න පුවවන් නේද?. කුඩා දිය කඩිති. ඇළ දොළ, කුඹුරු වලට කුඩා මාළු පැටවුන් දැමීමෙන් මදුරු පැටවුන් විනාශ කරන්න පුළුවන්.
ඒ වගේම එදිනෙදා අපේ වැඩ කටයුතු වලදී ඉවත ලන දෑ ක්‍රමවත්ව බැහැර කරනවනම් මෙච්චර කුණු ගොඩක් එකතු වෙන්නේ නෑ. ගෙවල් අවට පිරිසුදු කරන්න වසංගතයක් එන්නම ඕන නෑ. පිරිසිදු කම තවත් කරදර ගොඩක් අඩු කරනවා. උදාහරණයකට ගත් විට මීයන්, කැරපොත්තන් ඇතුළු ලෙඩ පතුරන තවත් සතුන් අපෙන් ඈත් කරනවා.
ඩෙංගු මර්ධනයේදී මම කියපු මේ පොඩි කරුණු ටිකත් හිතට ගන්න. මීට අමතරව ඔබම හිතා බලා වඩා සුදුසු ක්‍රමය තෝරාගන්න. ඒ ක්‍රම පළාතේන් පළාතට වගේම පුද්ගලයන් අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඇහැට නොගැටුන තය කොච්චර තැන්වල, ක්‍රම වලින් මදුරුවන් බෝවෙනවා ඇතිද.
ඩෙංගු මර්ධනය ඉතා වැදගත්. ඒ ගැන විවාදයක් නෑ. එය අප සැමගේ වගකීමක්. නමුත් ඩෙංගු මර්ධනයත් සමග අපේ පරිසරයත් විනාශවී ගියොත් ‍ඩෙංගු නැතත් වෙන ආබාධ වලින් අප රෝගාතුරව මියයනු ඇත.

Tuesday, July 27, 2010

Kekulé ගේ හීනය සහ මගේ හීනය

අද මට විශේෂ දවසක්. ඒ නිසාම අද මට විශේෂිත දෙයක් පෝස්ට් එකක් විධියට දාන්න හිතුනා. මේක වෙනකොට මම කොම්පියුටර් ෆීල්ඩ් එකට ඇවිත් අවුරුදු 3ක් විතර ඇති. ඒ වෙනකොටත් මට පැවරෙන වැඩේ ගොඩ දාගන්න අවශ්‍ය හැකියාව හා වාසනාව මට නොඅඩුව තිබුනා. පම්පෝරි ගහනවා නෙවේ ඇත්තම ඇත්තයි මේ කියන්නේ.
ඔහොම ඉන්නකොට දවසක් මට සෙට්වුනා අවුලක් තියෙන ප්‍රින්ටරයක්. මේකෙන් ප්‍රින්ට් කරන්න බැරිලු. අළුත් එකක්. මේ HP Laser Jet 6MP වර්ගයේ එකක්. තියෙන්නේ ලඟ පාතක එහෙම නෙවේ. අපේ ඔෆිස් එකේ ඉඳන් ගත්තොත් කිලොමීටර් 30කට වැඩි ඇති. අයිති කාරයා පොඩි ප්‍රෙස් එකක් කරන පොරක්. අප ආයතනයේ ටයිප් සෙටින් කළ පොතක් ඒ දවස්වල පොරගේ ප්‍රෙස් එකේ ප්‍රින්ට් වෙනවා. මම වත් අපේ කවුරුවත් ලියපු එකක් එහෙම නොවේ. කොහොම නමුත් ඔය මොකක් හරි සම්බන්ධයකින් මෑන් දැනගෙන තියනවා අපේ ආයතනය රෙපෙයාර් කරන්න expert ල කියල.
ඔය උඩ තියෙන්නේ ඒ වගේ ප්‍රින්ටරයක් තමා. දැන් මම ඔය ප්‍රින්ටරය ඇහැටවත් දැකල නෑ. මම ඒ වෙනකොට ඒ වර්ගයේ එකක් වත් දැකල නෑ HP Laser Jet 4L වගේ ඒව තමා දන්නේ. ඕන එකක් කියල මම දවල්ට කාල පොරත් එක්ක ගියා. ගියෙත් බස් එකේ. පැය 2 1/2 ක විතර සුළු වෙලාවකින් වැඩිය වංගු නැති නයා ගියා වගේ පරක බස් එකේ ගිහින් පොරගෙ ඔෆිස් එකට ගියා. යනකොට නිකං පාන් කියාගන්නත් බැරි ගානයි. බඩගින්නට නෙවේ බස් එකේ තියෙන සනීපෙට හරියටම කියනවනම් අර කතන්දර කාරයාගේ නුවර පැත්තේ කතාවක තියෙන බස් එකේම කොට මොඩල් එක. ඕවගේ ගියපු අය දන්නවා තියෙන ආතල් එක. අමාරුවට අනික් හේතුව අපි ඒ දවස්වල බස් එකේ එච්චර දුර යනනේ කලාතුරකින්. හැමදාම යන්නේ කිලෝමීටර් 8ක් 10 විතර.
කොහොම හරි විනාඩි 15ක් විතර රෙස්ට් කරල තේ එකක් බීල වැඩේ පටන් ගත්තා. බැලුවම ප්‍රින්ටර් එක on වෙනවා initialize වෙලා paper jam එකක් indicate කරනවා. Toner එක ගලවා බැලුවත් paper jam එකක් නෑ. සොෆ්ට්වෙයා අවුලක්ද බලන්න සො‍ෆ්ට්වෙයා එකත් ගලවල ආපහු දැම්මා වෙනසක් නෑ. සැකේට කරාට මේක කොහොමවත් සොෆ්ට්වෙයා ප්‍රශ්ණයක් වෙන්නත් බෑනේ. මේකේ memory module එකක් තියනවා. අමතරව post script font වලට module එකකුත් තියනවා. Side cover එක ගලවා ඒ module දෙක ගලවා දූවිලි ආදිය පිස දමා බැලුවා. වයර් ක්ලිප් තද කරල බැලුවා. කිසි වෙනසක් නෑ. පොරගේ කොළඹ ඉන්න නෑයෙක් අරන් එවපු එකක් නිසා පොරට වොරන්ටිය ගැන අදහසක් නෑ. ඥාතියා contact කරන්න බැලුවත් බැරිවුනා ටික දවසකට විදේශ ගතවෙලාලු. ඒ නිසා ගලවන්නත් බෑ. කොහොම හරි හොයල බැලුවම කිපදෙනෙක්ම ඇවිත් මේකට අත ගහල බැරිව දාල ගිය එකක්. පොර ඒක කීවෙ පස්සෙ. දැන් හවස් වේගනත් එනවා. වැඩේ ඉක්මනට කරන්න පුළුවන් පාටකුත් නෑ.
මේ අතර පොර එක පාරටම අහනවා තව වෙලා යයිද කියල. මම කිව්වා කියන්න බෑ. පැය දෙකක් විතර යයි කියල. මොකද මට මේකෙ manual එක කියවන්න යන වෙලාවත් එකතු කරල. පොර කියනවා එහෙනම් පොඩි රෙස්ට් එකක් ඇරන් වැඩේ කරන්න කියල. මම ඇහුවා ඇයි කියල. දැන් තව පැය බාගෙකින් නුවරට අන්තිම බස් එක යනවා. දැන් මේක ඉවර වෙලා එකේ යන්න වෙලා නැති නිසා අද ඉඳල වැඩේ ඉවර කරල හෙට යන්නලු. කිසි අවුලක් නෑ ඉන්න පුළුවන් කෑම, නාන්න ඇඳුම් ඔක්කොම දෙන්නම් ඉන්න කියල. ඕක කරන්න පුළුවන් වැඩක්ය. අනික ගෙදරට කියන්න විදියකුත් නෑ. ගෙදරට ඒ දවස්වල ෆෝන් නෑ. ඔය 99 විතර කාලේනේ. Loop නැති කාලේ. ගෙදරින් call කරන්නේ office එකට. දැන් බලනකොට එහෙත් කවුරුත් නෑ. ඒ නිසා ගෙදරින් හොයනවානේ මම ගෙදර ගිහින් හෙට ඇවිත් ඉතුරු ටික බලන්නම් කීවා. පොර එහෙනම් ඉක්මනට බස් එකට යන්න කීවා. මමත් කියවන්න manual එකත් අරන් ගෙදර ආවා. කොහොම හරි රෑ 10:30 ට විතර ගෙදර ආවා.
මොන manual කියවිල්ලක්ද? ඒ වෙනකොට ඇඟට හොඳ ගනන්. ඉක්මනට කාල නිදාගත්තා. ඔන්න රෑ මැද මට හීනයක් පෙනෙනවා හරියට අර බෙන්සීන් ආකෘතිය හොයාගත්ත Kekulé ට වගේ මටත්. අර ප්‍රින්ටරේ කොළයක් හිරවෙනවා. හැබැයි ඒක පේන්නෙනෑ. ඒවුනාට sensor එකේ ඒක තියනවා. මොකක්ද දෙයියනේ මේ කොලේ කියල මම ගන්න බලනවා. බලන කොට ඒක පොඩි කොල කෑල්ලක්. එතකොටම මාව ඇහැරුනා. මම අර manual අරන් paper jam එකක් recover කරන්නේ කොහොමද බැලුවා. ඔය ලස්සනට තියෙන්නේ විස්තර ඇතුවම.
මමත් ඉතින් උදේම පුරුදු විධියට office එකට ගිහින් field book එකේ note එකක් දාල අර බස් එකේ වැනි වැනී අර පොරගේ ප්‍රෙස් එකට ගියා. ගිහින් ඔහේ ටිකක් වෙලා ප්‍රින්ටරේ පෙරල පෙරලා හිටිය. එක පාරට දෙයක් මතක් වුනා වගේ Toner එක ගලවා බැලුව එක කොට තමා දැක්කේ යට සෙන්සර් එක ලඟ පොඩි කොල කෑල්ලක් වගේ දෙයක් තිබෙන බව. හෙමින් ඇරන් බැලුවම paper jam වෙලා අදින විට කොලයකින් ඉරි ගිය කුඩා කැබැල්ලකින් සෙන්සර් එක වැහිල. මමත් අයියා වගේ ඒක අයින් කරල මගේ වැඩේ ඉවර කලා.
දැන් පොරටත් පුදුමයි කොහොමද මේක හොයා ගත්තේ, ඇයි කලින් දවසේ හොයාගන්න බැරි වුනේ කියල. මමත් ඔහේ කිව්වා ඊයේ දවල් බස් එකේ ඇවිත් හරි අමාරුවෙන්නේ හිටියේ. අද ඉතින් උදේම ආපු නිසා වැඩි මහන්සියක් නෑ. එතකොට ටිකක් කල්පනා කරල වැඩේ කරන්න ලේසියි කියල. පොර කියනවා අපරාදේ මම කලින්ම ඔයාට කිව්වනම් මේක මෙච්චර දවසක් යන්නේ නෑනේ කියල. වැඩේ කියන්නේ කලින් හදන්ට ගිය අයට මට වගේ හීන පේනනේ නැතිව ඇති.

ප/ලි
මේ සිද්ධිය මම ගොතපු කතාවක් එහෙම නෙවේ. සහතිකම ඇත්ත. ගොඩක් කාලෙකට කලින් වෙච්ච දෙයක් නිසා එකිනෙක ගලපන්න අතින් කෑලි දෙක තුනක් දැම්මා. ඒත් මට අදටත් තියෙන ප්‍රශනෙ කොහොමද ඔය හීනෙ පෙනුනෙ කියල. ඊට පස්සෙත් ඔය වගේ වෙලාවල එක පාරටම මට මෙහෙම කරොත් හරිනේ කියල හිතිල හරි ගිය දේවල් තියනවා. නමුත් මේක නම් සම්පුර්ණයෙන්ම වෙනස්. සමහර විට අපිට අපේ විද්‍යාවන්ගේන් විස්තර කරන්න අමාරු දෙයක් කියලත් මට හිතෙනවා.
මගෙ අම්මෝ හොඳටම වෙලා ගියා. ගෙදර කට්ටිය අර අවුරුද්දකට සැරයක් කපන කෙක් එක කපන්න මම එනකම් බලන් ඉන්නවා. කටට හුලං එකක් පුරවාගෙන මම දුවනවෝ!!!!!