Friday, July 30, 2010

ඩෙංගු මදුරුවා, පරිසරය සහ අපි

හැමතැනම කතාව ඩෙංගු ගැන. මේ අවුරුද්දට මං හිතන්නේ 150 කට වඩා මේ මදුරුවා පතුරන වසංගතයෙන් ජීවිතේ හැර ගිහින්. සූකර උණට ලොකෙම බය වෙච්ච හැටියට මේකට කොහොම බය වෙන්න ඕනද?. අපි බයවෙයි ඔය මදුරුවන්ට. එහෙම හිතිලද කොහේද සමහරු නම් ගණන් ගන්නේවත් නැතුව ඉන්නවා. තව සමහරු රෝගීන් කීපදෙනෙක් මිය ගිය විට කුණු ඉවත් කරනවා, කැලෑ එලි කරනවා, වතුර වලවල් හොයනවා වැඩ කෝටියයි. ටික දවසකින් ඔක්කොම අමතක කර පරණ පුරුදු ට්‍රැක් එකේම යනවා. ඉතින් කොහොමද ඩෙංගු නැති කරන්නේ.
ඩෙංගු මදුරුවන් බෝවීම වලක්වන්න උපදෙස් මේ දවස්වල ඕන තරම් නිසාත්, බ්ලොග් කීපයකම ඒ ගැන සඳහන් කර තිබුන නිසාත් මමත් ආයේ ඕව කියල කියවන කට්ටිය මහන්සි කරන්නේ මොකටද කියල හිතල වෙන පැත්තක් පෙන්වන්න හිතුවා. හැබැයි මේ කියන දේත් ඩෙංගු මර්ධනයට කෙලින්ම සම්බන්ධයි.
පසුගිය මාස කීපයකම මම දැක්ක දෙයක් තමා සති අන්ත වල, නිවාඩු දවස් වල බොහෝ ගෙවල් වල සියලු දෙනා එකතුවී පරිසරය පිරිසිදු කරනවා. ශ්‍රමදාන මගින් පාසල් පන්සල් පල්ලි ඇතුළු පොදු ස්ථාන පිරිසිදු කරනවා. ඒ කියන්නේ අද අපේ රටේ ප්‍රධානම අප ද්‍රව්‍යය වන ප්ලාස්ටික්, පොලිතීන් ඇතුළු අප ද්‍රව්‍ය පුළුස්සා විනාශ කරනවා. ලඳු කැලෑ එලි පෙහෙලි කර පවිත්‍ර කරනවා. ජලය එක්රැස් වන තැන් විනාශ කරනවා. මේවගේ ක්‍රම රැසක් මදුරු මර්ධනයට අනුගමනය කරනවා.

මම හිතන විධියේ වැරැද්දක්ද එහෙම නැත්නම් මේ ක්‍රම වල වැරැද්ද ද කියන්න ඔබටම පවරමින් මට පෙනුන දේ සහ එහි විපාක ගැන පොඩි සටහනක් තියන්නම්.
ප්ලාස්ටික් හා පොලිතීන් දැවීම පරිසරයට ඉතා අහිතකර බව ඔබ අප කවුරුත් දන්නවනේ. මෙයින් පරිසරයට කොපමණ විශවායු ඇතුළු අහිතකර අංශු ප්‍රමාණයක් අපි එකතු කරනවද බලන්න. ඇයි ඒ ප්ලාස්ටික් හා පොලිතීන් අපට ක්‍රමවත්ව එකතු කර මදුරුවන්ට බිත්තර දාන්න වතුර එකතු නොවන ලෙස ඉවත් කරන්න බැරි. ඒ වගේම මදුරුවන් බෝවන බව කියා සියලු ගස්, පඳුරු, ලඳු කැලෑ විනාශ කරන්නේ. ඒවායේ ජලය එක් වන්නේ නැති ගස් ඉතුරු කරන්න පුළුවන් නේද?. ජලය රැ‍‍‍ඳෙන ගස් බෙන ආදිය සිමෙන්ති වැනි යම් බදාමයකින් වසා දමන්න පුවවන් නේද?. කුඩා දිය කඩිති. ඇළ දොළ, කුඹුරු වලට කුඩා මාළු පැටවුන් දැමීමෙන් මදුරු පැටවුන් විනාශ කරන්න පුළුවන්.
ඒ වගේම එදිනෙදා අපේ වැඩ කටයුතු වලදී ඉවත ලන දෑ ක්‍රමවත්ව බැහැර කරනවනම් මෙච්චර කුණු ගොඩක් එකතු වෙන්නේ නෑ. ගෙවල් අවට පිරිසුදු කරන්න වසංගතයක් එන්නම ඕන නෑ. පිරිසිදු කම තවත් කරදර ගොඩක් අඩු කරනවා. උදාහරණයකට ගත් විට මීයන්, කැරපොත්තන් ඇතුළු ලෙඩ පතුරන තවත් සතුන් අපෙන් ඈත් කරනවා.
ඩෙංගු මර්ධනයේදී මම කියපු මේ පොඩි කරුණු ටිකත් හිතට ගන්න. මීට අමතරව ඔබම හිතා බලා වඩා සුදුසු ක්‍රමය තෝරාගන්න. ඒ ක්‍රම පළාතේන් පළාතට වගේම පුද්ගලයන් අනුවත් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම අපේ ඇහැට නොගැටුන තය කොච්චර තැන්වල, ක්‍රම වලින් මදුරුවන් බෝවෙනවා ඇතිද.
ඩෙංගු මර්ධනය ඉතා වැදගත්. ඒ ගැන විවාදයක් නෑ. එය අප සැමගේ වගකීමක්. නමුත් ඩෙංගු මර්ධනයත් සමග අපේ පරිසරයත් විනාශවී ගියොත් ‍ඩෙංගු නැතත් වෙන ආබාධ වලින් අප රෝගාතුරව මියයනු ඇත.

2 comments:

  1. ඇත්ත......ඒත් වැඩේ තියෙන්නේ අපිට ඕක මතක්වෙන්නේ මොකක් හරි වසංගතයක් ආවාම විතරයි නේ.......ඒක තමා වැරද්ද?

    ReplyDelete
  2. දෑන් ඩෙංගු නම් හෑම අවුරුද්දෙම සුපුරුදු විදියටම අපිව හොයා ගෙන එන තත්වයට පත් වෙලා.මට නම් තෙරෙන්නේ 99% ම මේකට වග කියන්න ඕන අපිමයි.

    ReplyDelete

ෆෝම් මැසේජ්